Breaking News
Home / Gossip / එජාපෙ හා එකතු වන ලෙස ජනපති මෛත්‍රී ඉඟි කළා – සරත් ෆොන්සේකා

එජාපෙ හා එකතු වන ලෙස ජනපති මෛත්‍රී ඉඟි කළා – සරත් ෆොන්සේකා

එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව ගමනක් යන ලෙස පසුගිය මහ මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන්ට ඉඟි කළ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

හිටපු හමුදාපතිවරයා එම අදහස් පළ කළේ ඔහු ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදීයි.

තනතුරු අපේක්ෂාවෙන් තමා දේශපාලනයේ නිරත වූයේ නම් මීට කලකට පෙර ප්‍රධාන පක්ෂයකට එක් වීමට අවස්ථා තිබූ බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වශයෙන් අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමෙන් අනතුරුව මෙම තීන්දුවට පැමිණි බවයි හිටපු හමුදාපතිවරයා කියා සිටියේ.

“ජනාධිපතිතුමා මට ඉඟියක් දුන්නා මම එක්සත් ජාතික පෙරමුණ සමග සිටිය යුතුයි කියලා. නමුත් ඒ අවස්ථාවේදී අපි වෙනම අරමුණක සිටියා. එතුමා ගැන අපිට පැහැදීමක් තිබෙනවා නමුත් බුලත් කොලය පක්ෂයේ තිබෙන ප්‍රශ්න හා රාජපක්ෂ කල්ලිය නිසා අපිට ඒ පක්ෂයත් එක්ක ගමනක් යන්න බැහැ”

එක්සත් ජාතික පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණේ අග්‍රාමාත්‍යනිල නිවසේදීයි.

‘මහින්ද රෙජීමය සහ සිරබත්’

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ.

ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ”ජනවාරි අට විප්ලවයට” දායකවූ පක්ෂ සියල්ල එක් කර ගනිමින් රට දියුණු කිරීම තම බලාපොරොත්තුව බවයි.

රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විශාල කැපවීමක් කළ බව අගමැතිවරයා සඳහන් කළේ 2010 වසරේ පැවති ජනාධිපතිවරණය සිහිපත් කරමින්.

”පළවෙනි පොදු අපේක්ෂකයා හැටියට රාජපක්ෂ රෙජීමය නැති කරලා විප්ලවයක් කරන්න එතුමා මඟ පෑදුවා. ඒ නිසාම එතුමාට සිරබත් කන්නත් සිදු වුනා” අගමැතිවරයා පැවසීය.

මේ වන විට පුරප්පාඩු වී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිටපු හමුදාපතිවරයාට ලබා දීමේ එකඟතාව මත ඉහත කී අවබෝධතා ගිවිසුමට පක්ෂ දෙක එළඹ තිබුනත් තවමත් එම පක්ෂ දෙකේ නියෝජිතයන් පවසන්නේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ ලබන 8 වැනිදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close