Breaking News
Home / Gossip / එංගලන්ත තරගයට දින දෙකයි – මහේල ගැන එංගලන්තයෙන් ප්‍රකාශයක්

එංගලන්ත තරගයට දින දෙකයි – මහේල ගැන එංගලන්තයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගය ලබන  26 වන දින පැවැත්වීමට නියමිතයි.

 

 
ආසියානු කලාපයේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීම සහ විස්‌සයි විස්‌ස ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්ත පිලේ පිතිකරණ උපදේශකයා ලෙස පසුගිය කාලයේ දී කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ  හිටපු ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධනයි.

 

දඟ පන්දු යවන්නන් වෙනුවෙන් සහ ආසියාවේදී ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳව එංගලන්ත පිතිකරුවන් මහේල ජයවර්ධනයේ උපදෙස්‌මත සන්නද්ධව සිටින අතර ඔවුන් මහේලගේ සේවය ඉතා ඉහළින් අගය කර තිබෙනවා.

 

”මහේල පැමිණීමෙන් පසුව අපේ පිතිකරු අංශය ඉතාමත් ශක්‌තිමත් වුණා. ඔහු අපි වෙනුවෙන් විශිෂ්ට සේවයක්‌ කළා.” යයි එංගලන්ත නායක ඔයින් මෝගන් දකුණු අප්‍රිකාව පරාජය කිරීමෙන් පසුව ප්‍රකාශ කර තිබුණා.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close