Breaking News
Home / Gossip / එංගලන්තය පුදුම පත්කරවිමට සුදානම් බව චන්දිමාල් කියයි.

එංගලන්තය පුදුම පත්කරවිමට සුදානම් බව චන්දිමාල් කියයි.

ෆෙරෝෂා කොට්ලා ක්‍රිඩා පිටියේ අද(25) පැවැති පුහුණු විම් වලින් අනතුරැව මධ්‍යයට අදහස් දැක්වු උපනායක දිනේෂ් චන්දිමාල් .

“එංගලන්තය පුදුමයට පත්කර වන වෙනස් කම් කණ්ඩායමේ සිදු කරනවා.එංගලන්ත කණ්ඩායමට හොද තරගයක් දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

“අපි තාම තිරණය කරලා නැ සේල්ලම් කරන කණ්ඩායම.එත් වෙනස් විම් ටිකක් දැකගන්න පුලුවන් වෙයි.අපි ලග සැලසුම් කිහිපයක්ම තියෙනවා.ඒ සදහා අපි අවශ්‍යය පියවර ගන්නවා”

කදෙව්වන් සමග තරගයෙන් පසුව ලැබුණු දින හයක විවේකය පිලිබදව අදහස් දැක්වු චන්දිමාල්

“අපිට දවස් හයක හොද විවේක කාලයක් තිබුණා.ක්‍රිඩකයින් දවස් දෙකක් පුහුණු විම් කරන්නේ නැතිව විවෙක ගත්තා.අපේ පිතිකරැවෝ හොදට ලකුණු රැස් කරපු විඩියෝ නරඹලා පසුගිය තරග දෙකේ වැරදුණු තැන් තෙරැම් අරගෙන මේ තරගයට අවධානය යොමු කරන්න ඔවුන්ට අවස්තාව දුන්නා”

කොදෙව් තරගයේ පිතිකරැවන්ගේ අසර්තක වීම පිලිබදව අදහස් දැක් වු චන්දිමාල්.

“ඇත්තටම අපේ පන්දුවට පහර දිම දුර්වල වුනා.විශෙෂයේන් මැද පෙල කඩා වැටුනා.අපේ කණ්ඩායමේ අත්දැකිම් තියන ක්‍රිඩකයෝ අඩුයි.අපේ කණ්ඩායම තියෙන්නේ වර්ධනය වන අවධියකයි.

දග පන්දු යවන්නන් පිලිබදව අදහස් දැක්වු චන්දිමාල්

” රංගන හෙරත් ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් දග පන්දු යවන්නන් ගෙන් ඔහු ඉදිරි තරග දෙකේ දි කණ්ඩායමට දැනෙන දෙයක් කරාවි කියලා හිතනවා.ඒ වගේම වැන්ඩසේ සහා සචිත්‍ර හොදින් පන්දු යවමින් ඉන්නවා.”

” ජොයි රෑට් සහා බට්ලර් තමයි එංගලන්ත පිලේ ප්‍රධානම ක්‍රිඩකයින්.ඒ වගේම සියලු ක්‍රිඩකයින් හොදින් ක්‍රිඩා කරමින් සිටිනවා.”

එංගලන්ත තරගයේ සැලැස්ම පිලිබදව අදහස් ප්‍රකාශ කල චන්දිමාල්.

“විස්සයි විස්ස තරගයක ඕනැම තත්වයකට මුහුණ දිමට සුදානමින් සිටිය යුතුයි.මම හිතන්නේ විස්සයි විස්ස තරගයෙ දි දෙවනියට පන්දුවට පහර දීම හොදයි.මොකද පලමුව පන්දුවට පහර දෙන විට අපිට ඉලක්කයක් නැ.දෙවනැ වර පහර දෙනකොට ඉලක්කයක් තියෙන නිසා ඉදිරියට යන්න පහසු වෙනවා”

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close