Breaking News
Home / Gossip / ‘උණ‘ වැදුණු රණතුංග අධිකරණයේදී ජාතික රූපවාහිනී මාධ්‍යවේදියෙකුට ‘වල් බූරුවො මං උඹව මරණවා‘ යි කළ තර්ජනයට නොතීසි නිකුත් කරයි (Video)

‘උණ‘ වැදුණු රණතුංග අධිකරණයේදී ජාතික රූපවාහිනී මාධ්‍යවේදියෙකුට ‘වල් බූරුවො මං උඹව මරණවා‘ යි කළ තර්ජනයට නොතීසි නිකුත් කරයි (Video)

හෙලි කළ නොහැකි කළු සල්ලි හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටි නිශාන්ත රණතුංග ගේ නඩුවට ඊයේ (16) සහභාගී වූ රණතුංග පවුලේ ධම්මික රණතුංග වරාය සභාපතිවරයා කොළඹ මහාධිකරණයේ අංක 7 දොරටුව අසලදී ජාතික රූපවාහිසියේ ගුණරත්නම් නමැති මාධ්‍යවේදියාට ‘වල්බූරුවො මං උඹව මරණවා‘ යැයි කරන ලද තර්ජනය හේතුවෙන්  ලබන මාර්තු 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (17) නොතීසි නිකුත් කළේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 486 වගන්තිය අනුව ධම්මික රණතුංග දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළැයි කෙසෙල්වත්ත පොලිසිය අද බී වාර්තාවක් මගින් අධිකරණයට දැන්වීය.

නිශාන්තගේ නඩුවට පැමිණි වරාය සංවර්ධන අධිකාරියේ සභාපති ධම්මික රණතුංග ඇතුළු පිරිස වීඩියෝ ගත කළ අවස්ථාවේ ඔහු ජාතික රූපවාහිනී සංස්ථාවේ අධිකරණ වාර්තාකරු ගුණරත්නම් මහතා වෙත බැණ වදිමින් මෙසේ මරණ තර්ජන කළ  ආකාරය දුටු ඒ ආසන්නයේ සිටි වෙනත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ද කැමරා රැගෙන පැමිණ එම සිදුවීම වාර්තා කර තිබේ. එම අවස්ථාවේ ධම්මික රණතුංග ද තම ජංගම දුරකතනයෙන් එම මාධ්‍යවේදීන්ගේ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගත් බව සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති. මේ සම්බන්ධයෙන් ගුණරත්නම් මාධ්‍යවේදියා විසින් කොළඹ කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර සාක‍ෂිකරුවන් ලෙස අනෙක් මාධ්‍යවේදීන්ද ඉදිරිපත් වූහ. පැමිණිලි අංකය සීබී 234/201 වේ. 

මහජන මුදල් සොරකම් කරන ලද නිශාන්ත වෙනුවෙන් මහජන මුදලින් වැටුප් ලබන ධම්මික රණතුංග මාධ්‍යවේදීන්ට මරණීය තර්ජනය කිරීම බරපතල කාරණයකි. මෙවන් පුද්ගලයන් යහපාලන ආණ්ඩුවක තනතුරු දැරිය යුතු නොවේ. තනතුරු දැරිය යුත්තේ හිට්ලර්ගේ ආණ්ඩුවක ය. අර්ජුන රණතුංග වරායේ ඇමැති වී තනතුරට නුසුදුසු තම සොයුරා ධම්මික රණතුංග වරායේ සභාපති ලෙස පත් කරමින් ඥාති සංග්‍රහය ඉදිරියටත් පවත්වාගෙන යෑම ගැනද යහපාලනප්‍රේමී ජනතාව සිටින්නේ දැඩි කලකිරීමකිනි. 

සිද්ධිය ගුණරත්නම් මාධ්‍යවේදියාගේ කැමරාවේ සටහන් වී තිබු අයුරු ඉහලින් නරඹන්න

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close