Breaking News
Home / Gossip / උගන්ඩාවෙදිත් මහින්ද හමුවුණු උදයංග වීරතුංගගේ ලිපිය මෙන්න

උගන්ඩාවෙදිත් මහින්ද හමුවුණු උදයංග වීරතුංගගේ ලිපිය මෙන්න

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ කළ සංචාරය අතර තුරද තමා ඔහුය හමුවූ බව යුක්‍රේන කැරලිකරුවන් සමග අවි ජාවාරම් කළ බවට චෝදනා එල්ලවී ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග‍ මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

ඔහු අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටින්නේ වත්මන් ආණ්ඩුව ඉකුත් ආණ්ඩුවේ ප්‍රබලයින්ගෙන් පළිගන්නා බැවින් තමාට ලංකාවට පැමිණීමට අදහසක් නොමැති බවයි.  ඉකුත් ආණ්ඩුවේ ප්‍රබලමයා වන මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිද ලංකාව තුළ යහතින්ජීවත්වන අතර උදයංග වීරතුංගගේ මෙම ප්‍රකාශය අනුව ඔහු මහින්ද රාජපක්ෂටත් ඉහළින් ඉකුත් ආණ්ඩුවේ කටයුතු කළ අයෙක්ද යන සැකයද මතුවේ.

කෙසේ නමුත් ඔහු සිය නිවේදනය මගින් තවත් කරුණු ගණනාවක් ප්‍රකාශ කර ඇති අතර තම රාජතාන්ත්‍රික විදේශගමන් බලපත්‍රය ගැනත් ඔහු විසින් එවන ලද ඔහුගේ බඩු කන්ටේනරය ගැනත් නොයෙල් රණවීර මහතාගේ මරණය පිළිබඳවත් සඳහන් කර ඇත. ඔහු එම නිවේදනයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් චෝදනා එල්ලකර තිබේ.

ඔහු ඇති චෝදනා අනුව රජතාන්ත්‍රික මට්ටමෙන් මහැදිහත්වී ඔහුව අත්අඩංගුවට ගැනීමට හෝ වත්මන් ආණ්ඩුව කටයුතු නොකරන තත්වයක් තුළ ඔහු මාධ්‍ය නිවේදන නිකුත් කරමින් නීතිය ඉදිරියේ පිණුම් ගැසීමට පටන් ගෙන ඇත.

සිය රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත‍්‍රය යොදා ගනිමින් මේ වනවිටත් විදේශ සංචාරයන්වල නිරතවන බවටද චෝදනා එල්ලවී ඇති උදයංග වීරතුංගගේ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් පළ වේ.

Media Release Sinhala 20

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close