Breaking News
Home / Gossip / ඉන්දීය කන්ඩායමට ඩ්‍රාවිඩ් කැඳවයි

ඉන්දීය කන්ඩායමට ඩ්‍රාවිඩ් කැඳවයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඩන්කන් ප්ලෙචර් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය වසරෙන් අවසන් වුණා.ඒ අනුව සචින් තෙන්ඩුල්කාර්, සව්රොව් ගංගුලි සහ වී වී  එස් ලක්ෂ්මන් යන ත්‍රිපුද්ගල කමිටුව විසින් ඩ‍්‍රාවිඞ්ගේ නම ප්‍රධාන පුහුණුකරු ධුරයට යෝජනා කර තිබෙනවා.

 

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සැමී කියා සිටියේ තම කණ්ඩායම තරඟය ජයගත්තේ අර්බුද රැසක් මැද බවයි.කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ කණ්ඩායම සමඟ පැවති අර්බුදය පිළිබඳවද මෙහිදී කොදෙව් නායකයා සිහිපත් කළා.එවැනි අර්බුද මධ්‍යයේ වුවත් කණ්ඩායමක් ලෙස තමන්ගේ පිරිස එක්ව ක්‍රීඩා කළේ කැරිබියන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close