Breaking News
Home / Gossip / ඉන්දියාව ලකුණු 45 කින් ජය ලබයි

ඉන්දියාව ලකුණු 45 කින් ජය ලබයි

ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලෙස සත්කාරක බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීයාව සමත් විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සබීර් රෙහෙමාන් පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 44 ලබාගත්තේය. මුලූ ලකුණු සංඛ්‍යාව 15 ක් වන විට බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම (සෞම්‍ය සර්කාර් සහ මොහොමඞ් මිතුන්) ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට අශීෂ් නේරා සහ ජස්පී‍්‍රත් බුම්රා සමත් වූහ. රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවකට යුවරාජ් සිං අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට ඉම්රුල් කේයස් ලකුණු 14 ක් ලබාසිටියේය.

ලකුණු 3 ක් ලබා සිටි සකීබ් අල් හසන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට රෝහිත් ශර්මා සමත් විය. මහමදුල්ලාට (7) සහ නායක මෂ්රෆී මොටාසාටද (0) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අශීෂ් නේරා ඉඩ නොදුන් අතර පිළිවෙලින් රොහිත් ශර්මාට සහ රවින්ද්‍ර ජදේජාට උඩපන්දු ලබාදෙමින් ඔවුහු දැවී ගියහ. බංග්ලාදේශ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මුෂ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 16 ක් සහ ටස්කින් අහමඞ් නොදැවී ලකුණු 15 ක් බැගින් ලබා සිටියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 166 ක් රැස්කළේය. ඉන්දීය ඉනිමේ 19 වැනි  ඕවරයේ 2 වැනි පන්දුවේදී අල් අමීන් හුසේන්ගේ පන්දුවක් හමුවේ සෞම්‍ය සර්කාර් අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 55 කට මුහුණදී සිටි රෝහිත් ශර්මා, දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 83 ක් ලබා සිටියේය. අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 18 කදී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද සමගිනි. 

මුලූ ලකුණු සංඛ්‍යාව 4 ක් වන විට ලකුණු 2 ක් ලබා සිටි ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පිටියෙන් ඉවත් කිරීමට අල් අමීන් හුසේන් සමත් විය. ඉන් පසුව පිටියට පිවිසි ප‍්‍රවේගකාරී පිතිකරු විරාට් කෝලිටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට මෂ්රෆී මොටාසා ඉඩ දුන්නේ නැත.

මහමදුල්ලාගේ අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට කෝලි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 8 කි. මහමදුල්ලාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා සුරේෂ් රයිනාගේ ඉනිම ලකුණු 13 කට සීමාවූ අතර ශකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ සෞම්‍ය සර්කාර් අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට පන්දු 16 කට මුහුණදී සිටි යුවරාජ් සිං ලබාසිටියේ ලකුණු 15 ක් පමණි. බංග්ලාදේශ කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ අල් අමීන් හුසේන්  ඕවර 4 ක් යවා ලකුණු 37 කට කඩුලූ 3 ක් දවාගත්තේය. 
ඉන්දියාව –  ඕවර 20 කදී කඩුලූ 6 කට 166
(රෝහිත් ශර්මා 83, සුරේෂ් රයිනා 13, යුවරාජ් සිං 15, හර්දික් පාණ්ඩ්‍යා 31, අල් අමීන් හුසේන් 37/3) 

බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලූ 7 කට 121
(සබීර් රෙහෙමාන් 44, ඉම්රුල් කේයස් 14, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 16, අහමඞ් නොදැවී 15, අශීෂ් නේරා 23/3)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close