Breaking News
Home / Gossip / ඉන්දියාවේදී ඕස්ට්‍රේලියාවට අසාධාරණයක් – වැඩේ දුරදිග යන ලකුණු

ඉන්දියාවේදී ඕස්ට්‍රේලියාවට අසාධාරණයක් – වැඩේ දුරදිග යන ලකුණු

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියා සහ ඉන්දීයාව අතර තිබ්බ තීරනාත්මක තරගයෙන් ජය ගැනීමට ඉන්දියාවට හැකි වුණා.

එම තරඟය තිබ්බේ ඉන්දියාවේ චන්දිගාර්හි, මොහාලි නගරයේ අයි.එස්. බින්ද්‍රා ක්‍රීඩානගනයේදී. මේ තරඟය පටන් ගන්න පැය කිහිපයකට පෙර ඉන්දියාවේම ප්‍රසිද්ධ එක මාධ්‍යක් මාර කතාවක් කිව්වා.

ඒ මේ තරගයේ තණ තීරුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඉල්ලීම මත දග පන්දු යවන්නට හිතකර ලෙස වෙනස් කරා කියලා. මේ වෙනස් කිරීම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඉල්ලීම මත සිදු කල බවට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සනාථ කල බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කලා.

මීට පෙර ඕස්ට්‍රේලියා-පකිස්ථාන් තරගය පැවැත් වූ ආකාරයේ තණතීරුවක මේ තරගය පැවැත්වීමට නියමිතව තිබුනත් ඉන්දියාවේ බලපෑම මත තණතීරුව වෙනස කර ඇති බවයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වාර්තා කළේ..

මේ පුවත් පත් ආයතනය බොරුවක් නම් මේ කතාව ප්‍රසිද්ධ කරන්නේ නෑ..හැබැයි ඊයේ පිට්ටනිය දඟ පන්දු යවන්නන්ට උචිත වුණෙත් නෑ..

ඒ මොකක් වුණත් දැන් ඉන්දියාවේ කට්ටිය වගේම මුළු ලෝකෙම කතා වෙන්නේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත කියපු මේ කතාව ගැන..

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close