Breaking News
Home / Gossip / ඉන්දියාවෙ උන්ට රස්සා දෙන්න මං පඹයෙක්ද?

ඉන්දියාවෙ උන්ට රස්සා දෙන්න මං පඹයෙක්ද?

ලාංකීය දේශපාලන භූමිකාව තුළ උණුසුම් වන මාතෘකාවක්‌ බවට පත්ව ඇත්තේ සීපා වෙළඳ ගිවිසුම සම්බන්ධවයි.අසල්වැසි ඉන්දියාව සමග ඇති කර ගත් සීපා වෙළඳ සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීම ඔස්සේ ශ‍්‍රී ලාංකිකයන් වෙත අවාසි ගෙන දෙන බවට බොහෝ පිරිස් චෝදනා කරති.වෙද්‍ය පාදෙනිය මහතා ඇතුලූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පසුගියදා චෝදනා කොට තිබුණේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව සමÛ වෙනත් නමකින් සීපා ගිවිසුම අත්සන් කරන්නට යන බවයි.

මේ දිනවල සමාජ ජාලා වෙබි අඩවි ඔස්සේද කථාබහට ලක්වන මාත්තෘකාවක් වන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ රැුකියා පිළිබදව නමුත් ඊයේ දිනයේදී බදුල්ල ප්‍රෙද්ශයේ ජනහමුවක් අමතමින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා පවසාසිටියේ ඉන්දිය ශ‍්‍රමිකයන් වෙනුවෙන් ලංකාවේ රැුකියා ලබා නොදෙන බවයි. 

අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ගැන තියෙන්නෙ මේ රටේ උන්ට පුදුමාකාර බයක්…මේ රට අවුරුදු 2ක් රනිල් මහත්තය කලොත් මේ රට ගොඩ දානව කියන බයට තමයි මහිංද මේ අලූතින් ඉපදිලා වගේ හීනෙන් බය වෙලා වගේ ඇවිල්ල මිනිස්සු පාරට බස්සන්න දගලන්නෙ.  දැං බලන්න අර පාදෙනිය කියන දෙස්තර දිගින් දිගටම ශ‍්‍රීලංකා රජයට බනින්න පටන්ගත්ත . මේක පටන් ගත්තෙ වාහන පර්මිට් දෙන එක නවත්තන්න තීරනය කල නිසා. මංත‍්‍රීවරුන්ට ඇතුළුව ලංකාවෙ මුදල් නාස්ති වන හිංද ඒකට මුදලක් දෙන්නම් කියල.. ඒකට ඉස්සෙල්ලම පෙලපාලි ගියෙ දොස්තරල. ඊට පස්සෙ රනිල් වික‍්‍රමසිංහ මහත්තයට ගහන්න පටංගත්තෙ නොයෙක් ප‍්‍රශ්න වලට. දැං කියනව ඉන්දියාව එක්ක අලූත් ගිවිසුමක් ගහනවලූ. 

එතකොට ඉංදියාවෙ මිනිස්ස එනවලූ ලංකාවෙ රසසාවල් වලට. ලංකාවෙ උන්ට රස්සාවල් නැතිවෙලා ඉංදියාවෙ උන්ට රස්සාවල් දෙනවලූ. එහෙම කරන්න වික‍්‍රමසිංහ මහත්තයට පිස්සුද? මේ බලන්න මුං දාන විෂබීජ. මොන තරං කුපාඩි කථාද? කියන්නෙ. මේවට අපි කථා නොකර ඉන්න ඔනද? දොස්තරල කියන හැම එකටම ඔළුව නවන්න ඔනද. එයාල කියනව මගෙ විෂය අයි ටී විෂය ඉතිං මගේ දරුවන්ට රස්සා දෙන් නැතුව ඉංදියාවෙ උන්ට රස්සා දෙන්න මං පඹයෙක්ද… 

එයා කොහොමද මගේ විෂය ගැන කථා කරන්නෙ.. තාම එහෙම ගිවිසුමක් අපි අත්සන් කරලවත් නෑ. මේ දොස්තරල මාධ්‍ය වලට ඇවිල් මිනිස්සු අවුස්සනව. ඇයි… මහංදට කඩේ යන්න… මහිංද ගෙනාව ඉංදියාවෙ මිනිස්සු රේල් පාර හදන්න .. පාදෙනිය පෙළපාලි ගියාද?
මාලබේ පවුද්ගලික විශ්ව විධ්‍යාල දැම්ම.. පාදෙනිය පෙළපාලි ගියාද? චීන්නු ඇවිල්ල පාරවල් හදනව පාදෙනිය පෙළපාලි ගියාද?.. රතුපස්වල කොල්ලො මැරුව පාදෙනිය පෙළපාලි ගියාද? කොලනකවත් අත්සන් නොකල දේකට පාදෙණිය කොහොමද කියින්නෙ මේ රට විකුණනව කියල.  මේක තමා ගේම.  මේ වැල්ලවයෙ බුත්තල දරුවටත් බල්න්න පුළුවං විදියට ගෙන තාක්ෂනය නිසා දරුවගෙ දැනුම කොළඹද වැල්ලවායෙද කියල නෑ දරුවට ගුරුවරයගෙන් දැනගන්න පුළුවං . ඒක තමා ඩිජිටල් තාක්ෂණය.. ඒ තාක්ෂණය ගමට එනව.. එළවලූ වවන, මල් වවන ගොවියට ස්මාරට් පොන් එකක් දුන්නම තමං හදන දේ තමන්ටම ඒ වෙලාවෙම අන්තර් ජාලයෙන් විකුනන්න පුලූවං විදියට හදනව. මහංද හිතලවත් නැති ඒව තමා ඒ. ඒක තමා රනිල් අගමැතිතුමාගෙ ආරතිකේ ඩිජිටල් කියන්නෙ. ඒ තාක්ෂනය වගෙම රට වෙනස් කලෙත් බදුල්ලෙන්මයි. මේක බදුල්ලෙ මිනිස්සුන්ට කිව්වෙ නැත්තෙ බදුල්ලෙ මිනිස්සුන්ට තේරුම්ගන්න අමාරු නිසයි.. මගේ ක‍්‍රමේ කරල පෙන්වන්නම් පුදුම වෙන්න එපා. ඇගිල්ලෙන් ලෝකෙ අල්ලන එකයි ඩිජිටල් කියන්නෙ. 

තවද ගූගල් බැලූනයක් නොබෝ දිනයකින් බදුල්ලෙන් ගොඩබිමට පතිත කිරීමට නියමිත බවද වැඩිදුරටත් අමාත්‍යවරයා ප‍්‍රකාශ කලහ

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close