Breaking News
Home / Gossip / ඉන්දියාවට ගංවතුර ආධාර බෙදූ ‘සංගා – මුරලි – මහේල’ ලංකාවට කළ දේත් එළියට

ඉන්දියාවට ගංවතුර ආධාර බෙදූ ‘සංගා – මුරලි – මහේල’ ලංකාවට කළ දේත් එළියට

ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට අවශ්‍ය සහන සළසා දීමට කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් ක්‍රියා නොකර බවට සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනෙකු ඔවුන්ට දෝෂාරෝපණය කර තිබුණා.

 

ඇතැමුන් පෙන්වා දුන්නේ මහේල, සංගා හා මුරලි මීට ඉහතදී ඉන්දියාවේ චෙන්නායි නුවරට බලපෑ ගංවතුර ආපදාවලින් විපතට පත්වූවන්ට අවශ්‍ය මුදල් උපකාර කරන ලදැයි බොහෝසෙයින් ප්‍රචාරය වූ බවයි. එහෙයින් ඉන්දියාවට උදව් කළ අයුරින්ම ශ්‍රී ලංකාවට උදව් කිරීම ගැනත් සිතන ලෙසයි ඔවුන් චෝදනා කර ඇත්තේ.

 

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් තමා, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් සිය පදනම හරහා අවශ්‍ය සහන සැළසීමට ක්‍රියා කර ඇති බවත් එය ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කර තිබෙනවා.

 

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට මහේල, කුමාර් හා මුරලි උදව් කිරීම් පිළිබඳව තොරතුරු වාර්තා නොවූ අතර ඒ පිළිබඳව දිගින් දිගටම ඔවුන්ට සමාජ ජාල හරහා විවේචන එල්ලවීමත් සමග මෙම අනාවරණය සිදු කෙරුණා.

 

සිය පදනම් හරහා විපතට පත්වූවන්ට සහන සලසා ඇති අතර දිගින් දිගටම විපතට පත්වූවන්ට උදව් කරමින් සිටින බවයි මහේල වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

 

මහේල ජයවර්ධන ඉන් තව දුරටත් සඳහන් කර තිබෙන්නේ මෙය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙයක් නොවන බවත් උදව් අවශ්‍ය පුද්ගලයිනට උදව් කරමින් සිටින බවයි.

 

Capture(578) (1)

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close