Breaking News
Home / Gossip / ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ සිරුර ගොඩගනී

ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ සිරුර ගොඩගනී

පොලීසිය හා ඇතිවූ ගැටුමකින් මිය ගිය ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න නමැති එක්දරු පියාගේ මළ සිරුර මාර්තු මස 10 වන දින නැවත ගොඩගැනීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් මළ සිරුර ගොඩ ගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නේනම් මරණයට හේතුව වඩාත් තහවුරු කරගනු හැකි බවට අදාළ නඩුව කැඳවූ ඊයේ දිනයේදී ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයට කරුණු දක්වන ලදී.

ඒ අනුව අද(03) දිනයේදී එලෙස මළ සිරුර ගොඩගන්නවාද නැද්ද යන්න පිළිබඳ තීරණය දැනුම්දෙන බව
ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඊයේ දිනයේ නිවේදනය කරන ලදී.

ඒ අනුව අද දිනයේදී මහේස්ත්‍රාත්වරයා තම තීරණය ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ අදාළ මළ සිරුර වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ මාර්තු මස 16 වන දින නැවත ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීම වඩාත් සුදුසු බවයි.

පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටි නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති මල්වර මංගල්‍යයකට අදාළ උත්සවයකදී ඇතිවූ ගැටුමකට පොලිසිය මැදිහත්වීමේදී එහි ඉහළ මහළින් වැටී සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති එක්දරු පියා මිය ගියේය.

තම සැමියා ඉහළ මහළින් බිමට තල්ලු කළේ ඇඹිලිපිටිය ඒ.එස්.පී ලෙස කටයුතු කළ ධර්මරත්න බව සුමිත්ගේ බිරිඳ උසාවියේ සාක්කි දෙමින් පවසා තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මහතා අද දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කර තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close