Breaking News
Home / Gossip / ඇඹිලිපිටියේ තරුණයා මිය යාමට හේතුව අධිකරණය හමුවේ අනාවරණය වේ

ඇඹිලිපිටියේ තරුණයා මිය යාමට හේතුව අධිකරණය හමුවේ අනාවරණය වේ

සාදයක් අතරතුර ඉහළ මහලක සිට බිමට වැටී මිය ගිය බවට සැක කළ සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණයට හේතුව අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

ඔහුගේ මරණයට හේතුව කැපීම් තුවාල වලින් ශිරා හා ධමනි වලට බරපතළ හානි සිදු වී අධික ලෙස රුධිරය ගලා යාමෙන් ඇති වූ කම්පනය බව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද පැවසී ය.

අතිරේක මහේස්ත්‍රාත්වරයා මේ බව පැවසුවේ රත්නපුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලක මහතාගේ ප්‍රකාශය උපුටා දක්වමිනි.

පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළේ ය.

මේ සම්බන්ධයෙන් සැකපිට හිටපු සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.සී. ධර්මරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

සුමිත් ප්‍රසන්න ජයවර්ධන මිය ගියේ, පසුගිය ජනවාරි 4 වන දා ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ පැවති සාදයකදී ඇති වූ ගැටුමකට පොලීසිය මැදිහත් වීමේදී එහි ඉහළ මහලින් වැටීමෙනි.

සුමිත් ඉහළ මහලින් බිමට තල්ලු කළේ, ඇඹිලිපිටිය ඒ.එස්.පී ලෙස කටයුතු කළ ධර්මරත්න මහතා බව සුමිත්ගේ බිරිඳ උසාවියේ සාක්කි දෙමින් පැවසුවා ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close