Breaking News
Home / Gossip / ඇමතිකම මදිවී අගමැති වෙන්න රහස් සාකච්ජාවක

ඇමතිකම මදිවී අගමැති වෙන්න රහස් සාකච්ජාවක

රටේ ඉහලම තනතුරක් පිළිබදව සිහින දකින එක්තරා අමාත්‍යවරයකු මේ වන විට ප‍්‍රධාන පක්ෂ දෙකේ හා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් සමග රහස් සාකච්ජා පවත්වමින් සිටින බවට තොරතුරු වාර්තාවනවා. මෙම අමාත්‍යවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල තනතුරක් දරන්නකු වන අතර කටට බ්‍රේක් නොමැතිවීම සම්බන්ධයෙන් නම් දරා සිටින්නකු බවද පැවසෙනවා.
මීට වසර ගණනාවකට පෙරත් පක්ෂයක ප‍්‍රබල ධුරයක් දරන ලද ඔහු පිම්මක් පනිමින් ගැසූ කරණමක් හේතුවෙන් එවක බලය හෙබවූ පක්ෂය පරාජය කරමින් නව රජයක් බිහි කිරීමටද හැකියාවක් උදා වුණා.
ඉන් අනතුරව අවස්ථා කිහිපයකදී පක්ෂ මාරු කරමින් ගිය මෙම මන්ත‍්‍රීවරයා වත්මන් රජයේ සමාජයට සම්බන්ධ ඇමති ධූරයක්ද හොබවමින් සිටිනවා.
ඔහුගේ නවතම සැලැස්ම වී ඇත්තේ නිදහස් පක්ෂයේ  කණ්ඩායම හා එක්සත් ජාතික පක්ෂයේ කළකිරී සිටින පිරිස් සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂයද එක්කර නව රජයක් බිහි කිරීමයි.
මෙම වෑයමට තවත් නිදහස් පක්ෂයේ ප‍්‍රබලයකු සහය දක්වා ඇති අතර ඔවුන් පිලිබදව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද පැහැදිලි අවබෝධයකින් හා විමසිල්ලෙන් පසුවන බවයි වාර්තාවන්නේ.
අවස්තා කිහිපයකදී වැරදි තීරණ නිසා අවුලෙන් අවුලට වැටුනු මෙම අමාත්‍යවරයාගේ මෙවර ගමන කෙලෙස නිමාවේදැයි බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවනවා.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close