Breaking News
Home / Gossip / අවිශ්කගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

අවිශ්කගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ අද (07) සමත් වූහ. මීර්පූර්හිදී ඊයේ පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 කින් එංගලන්ත පිල පරාජය කළහ.

ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 185 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 35.4 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. අවිෂ්ක ප‍්‍රනාන්දු අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 96 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 95 ක් රැස් කරමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල ලකුණු 184 කට සීමා කිරීමට සමත් වූහ. එහිදී වේග පන්දු යවන අසිත ප‍්‍රනාන්දු (16/2) සහ වනිදු හසරංග (34/3) කැපී පෙනෙන දස්කම් දැක්වූහ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු අවසන් පූර්ව තරගය මේ මස 9 වැනිදා මීර්පූර්හිදී පැවැත්වීමට නියමිතය. ප‍්‍රබල ඉන්දීය යොවුන් පිල ඊයේ (06) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 197 කින් නැමීබියාව පරාජය කළේය.    බංග්ලාදේශය මේ වන විට දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටින අතර පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හෙට (08) පැවැත්වෙන සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජය ලබන කණ්ඩායම එම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි.  

  ලකුණු පුවරුව
එංගලන්ත වයස 19 න් පහළ පිල ඩබ්ලිව්. ලැවරෙන්සි – ප. අසිත    9
ඊ. හෝල්ඩන් – ඇ. අසලංක ප. අසිත     8
ඒ. බර්න්හැම් – ප. හසරංග    11
සී. ජේ. ටේලර් – ක. මූ. කළා. ප. අසලංක    42
ඒ. බර්ටලීට් – ඇ. නිමේෂ් ප. මෙන්ඩිස්     25
එම්. කරන් – ඇ. අවිෂ්ක ප. අෂාන්     25
සී. ඬේවිස් – ඇ. සහ ප. හසරංග     8
එෆ්. ග‍්‍රීන් – ප. හසරංග    26
බී. ජේ. ටේලර් – ක. මූ. කළා ප. දමිත්     22
එස්. ක්‍රෙන් – ඇ. නානායක්කාර ප. නිමේෂ්     5
එස්. මොහොමඞ් – නොදැවී     0
අතිරේක    3
එකතුව  ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී     184 

කඩුලූ වැටීම:
1-13(ලැවරෙන්සි), 2-18(හෝල්ඩන්), 3-47(බර්න්හැම්), 4-82(සී. එජ්. ටේලර්), 5-120(කරන්), 6-125(බර්ටලීට්), 7-136(ඬේවිස්), 8-170(ග‍්‍රීන්), 9-182(බී. ජේ. ටේලර්), 10-184(ක්‍රෙන්)
 පන්දු යැවීම:
අසිත ප‍්‍රනාන්දු: 6-1-16-2, තිලාන් නිමේෂ්: 7.2-0-26-1, චලන නානායක්කාර: 1-0-7-0, වනිදු හසරංග: 10-1-34-3, දමිත් සිල්වා: 10-0-49-1, චරිත් අසලංක: 4-0-14-1, කමිදු මෙන්ඩිස්: 5-0-18-1, සමූ අෂාන්: 6-0-20-1

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල කවීන් බණ්ඩාර – දුවද්දී දැවී ගියා     22
අවිෂ්ක ප‍්‍රනාන්දු – ඇ. ඬේවිස් ප. මොහොමඞ්     95
කමිදු මෙන්ඩිස් – ඇ. ග‍්‍රීන් ප. ලැවරෙන්සි    10
චරිත් අසලංක – ප. ක්‍රෙන්    34
සමූ අෂාන් – නොදැවී    5
විෂාද් රන්දික – නොදැවී     4
අතිරේක    16
එකතුව ඕවර 35.4 කදී කඩුලූ 4 ක් දැවී     186
 පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:


වනිදු හසරංග, චලන නානායක්කාර, දමිත් සිල්වා, තිලාන් නිමේෂ්, අසිත ප‍්‍රනාන්දු
 කඩුලූ වැටීම:
1-76(බණ්ඩාර), 2-102(මෙන්ඩිස්), 3-171(අවිෂ්ක), 4-182(අසලංක)
 පන්දු යැවීම:
එම්. කරන්: 4-1-23-0, එස්. මොහොමඞ්: 7-0-40-1, එස්. ක්‍රෙන්: 5.4-0-35-1, බී. ජේ. ටේලර්: 5-0-24-0, ඩබ්ලිව්. ලැවරෙන්සි: 10-1-33-1, සී. ජේ. ටේලර්: 2-0-12-0, එෆ්. ග‍්‍රීන්: 2-0-15-0

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close