Breaking News
Home / Gossip / අවාසනාව මාලිංග පසුපස යළිත් එයි

අවාසනාව මාලිංග පසුපස යළිත් එයි

ආබාධයකට ලක්ව සිටීම නිසා ඉකුත්දා අවසන් වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සහ මේ දිනවල පැවැත්වෙන අයි පී එල් කි‍්‍රකට් තරගාවලියද අහිමි වූ ලසිත් මාලිංගට එළැඹෙන කැරබියන් පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියද අහිමි වනු ඇතැයි වාර්තා වනවා.

කැරබියන් පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 3 වැනි වරටයි. මෙම තරගාවලියේදී ලසිත් මාලිංග ජැමෙයිකා තලාවාස් කණ්ඩායම නියෝජනය කරනවා.

කෙසේ වෙතත් ඔහු වෙනුවට දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක  ස්ටේයින් කණ්ඩායමට එක්කර ගැනීමට ජැමෙයිකා තලාවාස්  කණ්ඩායම දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇති බවයි කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසන්නේ.

කැරබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය තමන්ට තවත් අපූරු අත්දැකීමක් වනු ඇතැයි ස්ටේයින්ද ප‍්‍රකාශ කර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close