Breaking News
Home / Gossip / අල්ලස් ගැන වාස් කතා කරයි

අල්ලස් ගැන වාස් කතා කරයි

චමින්ද වාස් අයර්ලන්තයේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස තෝරාගත් බව පසුගිය දා වාර්තා වුණා.

මේ අලුත් තනතුර සහ ලංකාවේ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව වාස් දක්වන අදහස් පහතින් දැක්වෙනවා.

මේ වනවිට කතාබහට ලක්ව ඇති අල්ලස්‌ ගැනීමේ චෝදනා පිළිබඳව ද ඔහු එහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා.

අලුත් තනතුරක්‌ ලැබුණා නේද?

ඔව්. අයර්ලන්තයේ වේග පන්දු පුහුණුකරුවෙකු වීමේ අවස්‌ථාව උදාවුණා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

ඔබේ අත්දැකීම් ඔවුන්ට ලබාදෙන්න සූදානම්ද?

මම විශේෂයෙන්ම ආසියානු තණතීරුවල ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම ආසියානු විකට්‌ වල ගොඩක්‌ විකට්‌ අරගෙනත් තියෙනවා. පන්දු යවන විදිහ, ක්‍රීඩකයන් හසුරුවන විදිහ පිළිබඳ ගොඩක්‌ අත්දැකීම් තියෙනවා. ඒවා ඔවුන් එක්‌ක බෙදාගන්න තමයි හිතාගෙන ඉන්නේ.

කවදාද ලංකාවෙන් යන්නේ ?

පෙබරවාරි 10 වැනිදා.

කොච්චර කාලයකටද ?

මාස දෙකක්‌ වැනි කාලයක්‌ සඳහා තමයි සහභාගි වෙන්නේ. පළමු සති දෙකේ ඔවුන් සමඟ මම ඩුබායිවල පුහුණුවීම් කටයුතුවල යෙදෙනවා. ඊට පසුව නැවතත් ඉන්දියාවේ පෙර පුහුණුවීම්  කිහිපයක්‌ සඳහා සහභාගිවීමට නියමිතයි.

මෑත කාලයේ ක්‍රීඩකයන්ට අල්ලස්‌ ගැනීමේ චෝදනා එල්ල වුණා. ඔබ මේ දේවල් දකින්නේ කොහොමද?

ලංකාවේ ක්‍රීඩකයන්ට වගේම පුහුණුකරුවන්ට එවැනි චෝදනා එල්ලවීම ගැන මම කනගාටු වෙනවා. ඒක පැමිණිල්ලක්‌ පමණයි. ඒ මගින් ඔහු වැරදිකරුද නිවැරදිකරුද කියලා කියන්න බැහැ. ඒවායේ පරීක්‍ෂණ පැවැත්වෙනවා. ක්‍රීඩකයෙක්‌ හැටියට එක එක්‌කෙනාට කතා හදන්නේ නැතිව හරියාකාරව ක්‍රීඩාව දියුණුකරන්න තමයි  බලාපොරොත්තුව

Neth Fm

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close