Breaking News
Home / Gossip / අර්ජුන – තිලංග ගැටුමට ජනපති මැදිහත් වෙයි

අර්ජුන – තිලංග ගැටුමට ජනපති මැදිහත් වෙයි

තිලංග සුමතිපාල මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (23) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රශ්න කර තිබෙනවා.

 

ඔහු විමසා ඇත්තේ බුකී ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකු අදාළ තනතුරට පත්වීම අනුමත කරනේද යන්නයි. බුකී සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධවන අයෙකුට කී‍්‍රඩා නිලතල ලබාදිය නොහැකි බව කී‍්‍රඩා රෙගුලාසිවල දැක්වෙන බවයි අර්ජුන රණතුංග මහතා පෙන්වා දී ඇත්තේ. 

 

තිලංග සුමතිපාල මහතාට එවැනි සම්බන්ධතා පවතිද්දී ද කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත්වීමටත් සභාපති ධුරයට පත්වීමටත් අවස්ථාව හිමිකර දී ඇතැයි අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා. එමෙන්ම ධුරයට පත්වීමෙන් පසු තිලංග සුමතිපාල මහතා අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීම්වලට පවා සහභාගි වී නොමැති බවයි ඔහු කැබිනට් මණ්ඩලය හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ.

 

තමන්ට යම් චෝදනා පවතී නම් ඉන් නිදහස්වීම සදහා කි‍්‍රයාකරන ලෙස අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයද ඔහුට දැනුම් දී තිබූ බව අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෙහිදී සදහන් කර ඇත්තේ චෝදනා ඇත්නම් අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය හමුවේ තම නිර්දෝෂිභාවය සනාථ කරන ලෙස තිලංග සුමතිපාල මහතාට දැනුම් දුන් බවයි. 

 

කෙසේවෙතත් මේ පිළිබද ඉදිරි දිනකදී වැඩිදුර සාකච්ඡාවක් සදහා අමාත්‍ය අර්ජුන රණතුංග සහ කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් කැඳවීමට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close