Breaking News
Home / Gossip / අර්ජුන අපේ කට්ටිය ගැන ඉන්දියාවට කියපු දේ

අර්ජුන අපේ කට්ටිය ගැන ඉන්දියාවට කියපු දේ

පන්දුවාර විස්සයි විස්ස තරග ක්‍රමවේදය ක්ෂණික නූඩ්ල්ස් මෙන් බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඉන්දියාවේ නිවුස් 18 පුවත් සේවය හා අදහස් දක්වමින් පවසා තිබේ.

අර්ජුන සිය අදහස් දක්වා තිබුනේ මෙලෙසයි.

“මං පන්දුවාර විස්සයි 20 තරග ක්‍රමවේදයේ මහා ලොකු රසිකයෙක් නෙමෙයි. ඒක නිකං ක්ෂණික මැගී නූඩ්ල්ස් වගේ. ඉක්මන්. බඩ පිරෙනවා. ඒත් සෞඛ්‍යයට හොඳ නෑ. මං මෙහෙම කියන්නෙ විස්සයි 20 තරග වලට වේගෙන් වැරෙන් පන්දුවට පහරදෙන්න දක්ෂ (power hitters) ක්‍රීඩකයෝ ඕනෙ. ඒ අපේ ශෛලිය නෙමෙයි. දකුණු ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ පවර් හිටර්ස් ලා නෙමෙයි. එයාලා පිතිකරණ තාක්ෂණය අතිනුයි විශිෂ්ට. ඉන්දියාවට තවත් අවුරුදු 10කින් විතර මේක තේරුම් යාවි.”

“මං හැමදාමත් තරුණ ක්‍රීඩකයන්ට කියන්නෙ එයාලාගෙ දක්ෂතා අනුව ක්‍රීඩා කරන්න කියලා. තමන්ගේ දක්ෂතා ගැන හරි අවබෝධයක් නැතිව ඒ ඒ කාලෙට එන රැල්ලට යන එකේ කිසිම තේරුමක් නෑ කියලා මං තදින්ම විශ්වාස කරනවා… දක්ෂතා වැදගත් වෙනවා එක්කම කැපවීමක් නැතිව ඒ දස්කම් වලින් කිසි වැඩක් වෙන්නෙ නෑ. ක්‍රිකට් වල විතරක් නෙමෙයි. හැම වෘත්තියකම එහෙමයි.”

“වසර 1996 ලෝක කුසලාන ජයග්‍රහණය එක රෑකින් හැබෑ වුනේ නෑ. මම තෝරා ගත්තේ කැපවීමක් තියෙන ක්‍රීඩකයන් විතරයි. ඒ තෝරගත්තේ හොඳම ක්‍රීඩකයන් නොවෙන්නත් පුළුවන්. අපිට සල්ලි ගැන තැකීමක් තිබුනෙ නෑ… මට ඕන වුනේ රටට ජීවිතය පවා දෙන හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන් 14ක්. අරවින්ද හැර අපිට වෙන තරු හිටියෙ නෑ…”

“නායකයෝ චෙස් ක්‍රීඩකයො වගේ වෙන්න ඕනෙ. හැමතිස්සෙම ඔළුව කල්පනා කරලා වැඩකරන්න ඕනෙ. බබාල වෙන්න බෑ… හැමෝටම දෙන මගේ උපදෙස තමයි, අවදානමක් ගන්න බය වෙන්න එපා. එහෙම ගත්තොත් ඒකේ ප්‍රථිපල ලැබෙනවා. ඒක මට පිළිසරණක් වෙලා තියෙනවා නම් අනිත් එයටත් ඒ විදියම සිද්ධ වේවි.”

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close