Breaking News
Home / Gossip / ‘අපි ආවහම බලා ගනිමු‘ ගෝඨා තර්ජනය කරයි.

‘අපි ආවහම බලා ගනිමු‘ ගෝඨා තර්ජනය කරයි.

රාජපක්ෂ රෙජීමය රට යටත් කරගෙන සිටි වනචර දශකයේදී මැදමූලන වලව්වේ දඩෝරියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මැදමූලන රාජපක්ෂ පවුල දරුණු ලෙස කම්පනයට පත්ව තිබෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

රාජපක්ෂලා සහ ඔවුන්ගේ නීතිඥවරුන් තැන තැන රැස්වෙමින් තමන් පත්ව සිටින අනතුරුදායක තත්ත්වය ගැන සාකච්ඡා කරමින් සිටිති. මෙහි ප්‍රධාන සාකච්ඡා පැවැත්වෙන ස්ථානය නම් හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දුගේ නිවසයි. අනුර සේනානායකට වඩා ඔහු බේරා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ මැදමූලන මෘග චෞර පවුලය. මන්ද යත් ඔවුන් අනුර සේනානායක ලවා කරවා ගත් අවනීතික ක්‍රියා තජුඩීන් ඝාතනයට පමණක් සීමා නොවන ඉතා විශාල වපසරියක් පුරා විහිදී යන ඒවා බැවිනි. දැන් අනුර සේනානායක ඒවා හෙලිකරනු ඇතැයි මැදමූලන පවුල සැලී ගොස් තිබේ. 

ගෝඨාභය රාජපක්ෂ පොලිසියේ ඉහල නිලධාරීන්ට දුරකථන ඇමැතුම් දෙමින් තර්ජනය කරමින් සිටින බවද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ‘පරීක්ෂණ නිසි ලෙස කෙළේ නෑ කියා පොලිස් නිලධාරීයෙක් අත් අඩංගුවට ගැනීමට නීති ඇත්තේ කොහේදැයි“ ප්‍රශ්න කර ඇති ගෝඨාභය රාජපක්ෂ “අපි ආවහම බලා ගනිමු“ යැයි කියමින් තර්ජනය ද කර තිබේ. 

අනුර සේනානායක පරීක්ෂණ නිසි ලෙස නොකළා නොව ඝාතනයක පරීක්ෂණ යට ගසා එය රිය අනතුරක් ලෙස ඇඟවීමට තම යටත් නිලධාරීන්ට බල කරමින් ඝාතනයක තොරතුරු වසන් කරමින් මිනීමැරුමක කුමන්ත්‍රණ කරුවෙක් වී සිටින බව ගෝඨාභය දැන ගත යුතුය. ‘අපි ආවහම බලා ගන්නැ‘යි ගෝඨාභය කියන්නේ තවමත් බලයට ඒමේ සිහින හිසේ තබාගෙනය. රාජපක්ෂලාට කිව යුත්තේ ආවහම බලා ගැනීම නොව..,  දැන් කාලය පැමිණ ඇත්තේ 

කෙලවේන්.. සැරසේන්… යා..! කියා හිර ගෙදරට යෑම සඳහා අමුඩ කෙටිය තද කර ගැනීමය

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close