Breaking News
Home / Gossip / අපිට නැගිටින්න පුළුවන් – ඇන්ජෙලෝ මැතිව්ස්

අපිට නැගිටින්න පුළුවන් – ඇන්ජෙලෝ මැතිව්ස්

හුණුවීම් කටයුතු හොඳින් සිදු කිරිම තුළින් කණ්ඩායම ලෙස නැවත ගොඩ නැගීමට හැකි බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.

පුහුණුවීම් කටයුතු හොඳින් සිදු කිරිම තුළින් කණ්ඩායම ලෙස නැවත ගොඩ නැගීමට හැකි බව, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.

ඔහු මේ ප්‍රකාශ කළේ, එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ පළමු පුහුණු සැසිය අතරතුර ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස එංගලන්තයේ සංචාරය කිරිමට නියමිත ය.

එහිදී ටෙස්ට් ක්‍රිකට් තරග 3 ක්, එක්දින තරග 5 ක් හා එක් පන්දුවාර 20යි 20 තරගයක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබේ.

එහි ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ මහනුවර පල්ලේකැලේ ක්‍රිඩාංගණයේදී සිය පළමු පුහුණු සැසිය සඳහා සහභාගී විය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයේ උප නායක ලෙස දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ.

එංගලන්ත සංචාරය අරඹමින් ශ්‍රි ලංකා කණ්ඩායම ලබන මස 8 වන දා පළමු පුහුණූ තරගයට සහභාගීවන අතර, පළමු ටෙස්ට් තරගය ලබන මස 19 වන දා ලීඩ්ස් හීදී ආරම්භ වීමට නියමිත ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close