Breaking News
Home / Gossip / අනුර සදුදා අත්අඩංගුවට

අනුර සදුදා අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත්වී තිබෙනවා. රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කට උත්තර ලබාගැනීම සඳහා,ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබුණා. එහෙත් අප ඊයේ සදහන් කළ පරිදි ඔහු ඒ සදහා සහභාගීව නැහැ..

ඊයේ පස්වරුවේ ශාන්ති කර්මයක් සඳහා වේයන්ගොඩට ගොස් ඒ එන අතරවාරයේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියකුගේ නිවසට ගොස් තමාව බේරා ගන්න ලෙස අනුර සේනානායක මහතා ආයාචනා කර තිබූ බවයි පැවසෙන්නේ.

පසුගිය දින කිහිපය පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තාජුඩීන් ඝාතනයට අදාළව අනුර සේනානායක මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර තිබුණා.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පොලිසිය විසින් දැනුම්දී තිබුනේ එම ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවේ පසුවන නිලධාරියා ඇතුලු නිළධාරීන් පිරිසකගේ සාක්ෂි මතයි.

අනුර සේනානායක මහතා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හැර සිටියහොත් ලබන සඳුදා විශේෂ පොලිස් කණ්ඩායමක් යවා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයෙන් පොලිස්පතිවරයාට නියෝගයක් ලැබී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close