Breaking News
Home / Gossip / අනුර කොට කලිසමකින් සැරසී ඝාතනය මෙහෙයවන වීඩියෝව හමුවෙයි

අනුර කොට කලිසමකින් සැරසී ඝාතනය මෙහෙයවන වීඩියෝව හමුවෙයි

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය එවකට බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ඊයේත් අදත් පැය ගණනාවක් තිස්සේ ප්‍රශ්න කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් ලෙස පොලිස් පරීක්ෂණ විකෘති කිරීමට උපදෙස් සහ බල කෙළේ අනුර සේනානායක බව දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන එම පරීක්ෂණය සිදුකළ නාරාහේන්පිට පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ද ඉන්පසුව කට උත්තර දුන් පොලිසියේ තවත් නිලධාරීන්ද රහස් පොලිසියට ප්‍රකාශ කර තිබිණ. 

එවකට රහස් පොලිසියේ ලොක්කෙකු ලෙස කටයුතු කළ ඉහල පොලිස් නිලධාරියෙකුද තමන්ට තජුඩීන් ඝාතනයේ පරීක්ෂණ විකෘති කිරීමට අනුර සේනානායක බල කළ බව ප්‍රකාශ කර තිබේ. 

අඩුම ගණනේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට තජුඩීන් රථය තුල මියගොස් සිටිනවා පරීක්ෂා කරන්නටවත් අනුර සේනානායක ඉඩ දී නැති අතර එහි සේයාරුවක් හෝ පෙන්වා නැත. ඔවුන් මළ සිරුර පරීක්ෂා කර ඇත්තේ මෝචරියට රැගෙන ගියාට පසුව ය.

මේ අතර තජුඩීන්ට පහර දී රිය තුලට ඔබා ගන්නා අවස්ථාවේ වීඩියෝවක් පරීක්ෂකයන් වෙත ලැබී ඇති අතර අනුර සේනානායක එහි කොට කලිසමක් හැඳ සිද්ධිය මෙහෙයවනු දක්නට ලැබෙන බවයි. 

මේ අතර තජුඩීන් ඝාතනය නීතියෙන් වසන් කිරීමට තමන්ට නියෝග දුන් රාජපක්ෂ පවුලේ සාමාජිකයා කව්දැයි හෙලි කර බේරෙන්නැයි අනුර සේනානායකගේ දරුවන් අනුර සේනානායකට බල කරන බවද දැනගන්නට තිබේ. ඔවුන් පවසන්නේ එසේ නොවුන හොත් තමන්ගේ දරු මුණුපුරන්ට පවා අනුර සේනානායක වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන බවයි. රාජපක්ෂලා වෙනුවෙන් අපි වන්දි ගෙවන්නේ කුමන කරුමයකටදැයි අනුර සේනානායකගේ දරුවන් පියාගෙන් ප්‍රශ්න කරන බව දැනගන්නට තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close