Breaking News
Home / Gossip / අනතුරේ ඇත්ත නැත්ත ගැන පාඨලි ප්‍රථම වරට හෙලි කරයි

අනතුරේ ඇත්ත නැත්ත ගැන පාඨලි ප්‍රථම වරට හෙලි කරයි

මිට ටික දවසකට පෙර සිදු අනතුර ඇමති පාඨලි චම්පික මහතා ප්‍රථම වරට කරුනු ආනවරනය කර තිබෙනවා.ඒ ඔහුගේ නිල ෆෙස්බුක් ගිනුම හරහා.ඒම සටහනට අනුව

” පසුගිය ඉරිදා රාත්‍රියේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධව විවිධ අය, ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ හිතූ හිතූ දේ සටහන් කරමින් සිටී.

පසුගිය ඉරිදා රාත්‍රී 10:00ට පමණ බොරැල්ල සිට රාජගිරිය දෙසට තරුණ ළමුන් කණ්ඩායමක් මෝටර් බයිසිකල් කිහිපයක නැගී ගමන් ගන්නා අවස්ථාවක ඉන් එක් බයිසිකලයක් මාගේ අමාත්‍යාංශයට අයත් මාගේ අතිරේක වාහනය ලෙස භාවිතා කරන නිසාන් පැට්‍රොල් ජීප් රථයේ වම් පස පිටුපස කොටසේ හැපී ඇත. හැපුණු මෝටර් බයිසිකලය 1000CC ධාරිතාවයේ ඊට දින කිහිපයකට පෙර මිලදී ගත් මෝටර් බයිසිකලයකි. එය පදවා ඇත්තේ වයස අවුරුදු 24ක අලුත්ගම ප්‍රදේශයේ පදිංචි තරුණ දරුවෙකි. එම තරුණයා ජීප් රථයේ ගැටීමෙන් විසඥතාවයට පත්ව ඇත. ඔහුගේ එක් අතක් හා එක් ඉල ඇටයක් බිදී ඇත. මෝටර් බයිසිකලයේ පිටුපස වාඩි වී සිටී වයස අවුරුදු 17ක තරුණයාට කිසිදු හානියක් සිදු වී නොමැත.

ජීප් රථය ධාවනය කළ රියදුරු අනතුරින් පසු පැනගිය බවට සාවධ්‍ය ප්‍රචාර ගෙන යයි. අදාල අනතුර සම්බන්ධව රාජගිරිය පරීක්ෂණ පවත්වන අතර ජීප් රථය පැද වු මාගේ රියදුරු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත. ඔහුගේ රියදුරු බලපත්‍රයද අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ සිටි අයගෙන් පොලීසිය සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඒ මත පදනම්ව රියදුරු අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පොලීසිය සදහන් කරයි. රටේ පවතින නීතියට යටත්ව ඕනෑම පරීක්ෂණයක් සිදුකිරීමට දැන් අවස්තාව උදා වී තිබේ. එය එසේ තිබියදී තම තමන්ගේ දැනුම මත , තම තමන්ගේ පෞද්ගලික වේදිකාවල හිඳ තීන්දු ගනිමින් සිදුකරන සාවධ්‍ය ප්‍රචාරණයන්ට හසු නොවන ලෙස ඉල්ලා සිටිමි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණ දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු…”

 
 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close