Breaking News
Home / Gossip / අද තරගයට මැතිව්ස් නැ

අද තරගයට මැතිව්ස් නැ

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී අද (28) පැවැත්වෙන අතර එම තරගයට නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයි.

එංගලන්තයට එරෙහිව පැවැති  තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට අද තරගය අහිමිවන අතර ඊයේ පස්වරුවේ මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයකට එක්වීමටත් නියමිතව තිබුණි. 

මැතිව්ස් නොමැති හෙයින් කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට නියමිතය.  එසේම දුෂ්මන්ත චමීරද අබාධායකට ලක්ව තිබෙන අතර ඔහුද ස්කෑන් පරීක්ෂණයකට ලක්වීමට නියමිතව තිබුණි. චමීර ක්‍රීඩා නොකරන්නේ නම් ඒ වෙනුවට ලක්මාල් එක්වෙන බවද වාර්තා වෙයි.

තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් කිසිඳු කණ්ඩායමකට ඉදිරියට යාමට අවස්ථාවක් නොලැබෙයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close