Breaking News
Home / Gossip / අත්අඩංගුවට ගන්න ‘ සූදානම ගැන’ නාමල් කතා කරයි

අත්අඩංගුවට ගන්න ‘ සූදානම ගැන’ නාමල් කතා කරයි

රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිර යන ආරංචි සම්බන්ධව  නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා තම අදහස් පළ කර තිබෙනවා.

 

ඉරිදා පුවත්පතක් සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ යහපාලන රජය බලයට පත්වූ දා සිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත් තම මවටත් තමාටත් බාල සොහොයුරු යෝෂිත රාජපක්‍ෂ මහතාටත් නොයෙකුත් චෝදනා එල්ල කරන බවයි.

 

එම චෝදනා පදනම් විරහිත බැවින් ඒවා ගණන් නොගෙන සුපුරුදු පරිදි දේශපාලන කටයුතුවල නිරතවන බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

 

“මං ඒ ගැන කිසිම දෙයක්‌ දන්නේ නැහැ. මේ දවස්‌වල මගේ අවධානය යොමුවී තිබෙන්නේ මගේ බාල සොහොයුරු යෝෂිත රාජපක්‍ෂ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටීමට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධවයි. අපිට හොරු, වංචාකාරයෝ කියලා කරන චෝදනාවල ඇත්ත නැත්ත කවදා හෝ හෙළිවෙයි. මම වැරදි කරලා නැති නිසා ඔය චෝදනාවලට බය නැහැ” යැයි නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close