Breaking News
Home / Gossip / අගමැති සහ ජනපති එන්න කිව්වේ ඇයි?උතුරු මහ ඇමතිට වැඩ වරදින ලකුනු.

අගමැති සහ ජනපති එන්න කිව්වේ ඇයි?උතුරු මහ ඇමතිට වැඩ වරදින ලකුනු.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඊට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද සහභාගී වනු ඇති.

 

සාකච්ඡාවට පෙර උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ උතුරු පළාතේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අත්පත් කර ගැනීම වලක්වා ගැනීම මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණ බවයි. 

උතුරේ වැසියන්ට අයත් ඉඩම් රජයේ අවශ්‍යතාවන්ට ලබා නොගන්නා බවට ජනාධිපතිවරයා මීට ඉහතදී තමන්ට පොරොන්දු වූ බවයි විග්නේෂ්වරන් මහතා පවසා ඇත්තේ. එම විශ්වාසය මත තමන් මෙම සාකච්ඡාවට එක්වන බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. 

මීට අමතරව අවතැන් ජනතාව යළි පදිංචි කිරීම පිළිබඳ ස්ථිර ප‍්‍රතිපත්තියක් සකස් කර ගැනීමද මෙම සාකච්ඡාවේ තවත් අරමුණක්. කෝකිලායි ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිංහල ජනතාව පදිංචි කිරීමට දරණ උත්සාහය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. දිවයින පුවත් පතට කර තිබු ප්‍රකාශය ගැනද අගමැතිවරයා මෙහිදි ඔහුගෙන් ප්‍රශ්න කිරිමට නියමිත බවත් වර්තා වනවා

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close